Loading...
This site is best viewed in a modern browser with JavaScript enabled.
Something went wrong while trying to load the full version of this site. Try hard-refreshing this page to fix the error.
Community Guidelines
WiKi Forum එකට පැමිනි ඔබව සාදරයෙන් පිළිගන්නවා!
මේ Post එකේ ප්‍රධානතම අරමුණ වන්නේ ඔබට සහ අනෙකුත් සාමාජිකයන්ට මෙහි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා WiKi Forum පාලක මණ්ඩලය විසින් forum එක සදහා විශේෂයෙන්ම පිළියෙළ කරන ලද Community Guidelines පිළිබඳව දැනුම්වත් කිරීමයි. එබැවින් මෙහි ඇති සියළු කරුණු හොඳින් කියවා වටහා ගෙන forum එක තුල අප විසින් පවත්වාගෙන යන ගුණාත්මක බව එලෙසින්ම පවත්වාගෙන යාමට අප හට ඔබගේ උපරිම සහය ලබා දෙන මෙන් කා රුණිකව ඉල්ලා සිටින්නෙමු!
• ආරක්ෂාව
WiKi Forum ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අපි කැපවී සිටිමු. අප සාමාජිකයන්ට තර්ජනය කරන ප්රකාශනයන්, අන් අය බිය ගැන්වීමට, ඉවත් කිරීමට හෝ නිහඬ කිරීමට ගන්නා ක්‍රියාමර්ග සඳහා WiKi Forum එක තුල කිසිවෙකුටත් අවසර නැත.
• පෞද්ගලිකත්වය
අප සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සහ තොරතුරු ආරක්ෂා කිරීමට අපි කැපවී සිටිමු. පෞද්ගලිකත්වය හරහා මිනිසුන්ට තමන් වීමට නිදහස ලබා දෙන අතර, WiKi Forum තුලදී අන් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ තොරතුරු බෙදාගැනීම සඳහා කිසිවෙකුටත් අවසර නැත.
• ගෞරවය සහ අයිතිවාසිකම්
ගෞරවය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලු මිනිසුන් සමාන බව අපි විශ්වාස කරමු. ඔබ විසින් අන් අයගේ අයිතිවාසිකම් සඳහා ගරු කරනු ඇතැයි අප විසින් බලාපොරොත්තු වන අතර අන් අයට හිරිහැර වන ආකාරය හෝ ඔවුන් පහත් ලෙස සැලකෙන ආකාරයට කරනු ලබන හැසිරීම් සඳහා කිසිවෙකුටත් අවසර නැත.
• Copyrights
Be responsible, Protect the Copyrights. Sharing copyrighted materials without original authors’ permission is unethical and otherwise illegal. බුද්ධිමය දේපල ආරක්ෂා කරමු; අනවසරයෙන් සිදුවන ප්‍රකාශන හුවමාරුව තරයේ හෙලා දකිමු. එවන් ක්‍රියා නීති විරෝධී මෙන්ම, සදාචාර විරෝධී ද වේ. We highly discourage any attempt at copyright infringement as we want authors to create more valuable content. Please note that you are solely responsible for your activity on the platform.
ඒ අනුව WiKi Forum එක තුලදී,
1. ප්රචණ්ඩත්වය සහ ඒ සඳහා හේතු වෙන ක්‍රියාවන්හි යෙදීම හෝ පල කිරීම සිදු කිරීම 2. අපරාධ කටයුතුවල නියැලීම 3. තහනම් භාණ්ඩ අලෙවි කිරීම 4. වංචා සහගත ක්‍රියාවන්හි යෙදීම 5. ළමා හෝ වැඩිහිටි ලිංගික ක්‍රියාවන් හෝ එවැනි ක්‍රියාවන්ට සමාන ක්‍රියාවන් හෝ ඒ සඳහා පොළඹවන ආකාරයේ පල කිරීම සිදු කිරීම 6. සාමාජිකයන්ට හිරිහැර වන අයුරින් කටයුතු කිරීම 7. යම් අයෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය වන ආකාරයට හැසිරීම 8. වෛරය පැතිරෙන ආකාරයේ පල කිරීම් සිදු කිරීම 9. ව්‍යාජ පුවත් පල කිරීම 10. bit.ly, Adf.ly, වැඩි කෙටි කරන ලද සබැඳියන් නැවත නැවත පල කිරීම හෝ, සාකච්ඡාවන්ට අදාල නොවන සබැඳියන් පල කිරීම හෝ, ප්‍රවර්ධනයන්ට අදාල සබැඳියන් පල කිරීම හෝ, සංස්කරණය කරන ලද රූප හෝ මාධ්‍යන් පලකිරීම 11. අනවසරයෙන් සිදු කරන වෙළඳ ප්‍රචාරණ කටයුතු වල නිරත වීම හෝ දැන්වීම් පල කිරීම
සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඉහත ක්‍රියාවන්ගේ යෙදීම ඔබගේ සමාජිකත්වය අහිමි වීමට හේතු වේ.
Don't forget to share us with your friends and with anyone who'll find this valuable :smile:
Together as one, Let's hunt for knowledge! එකා මෙන්, අපි දැනුම සොයමු!