සිංහල විචාර කොහෝම ද හරිම ලේසී විදියට ලියන්නේ👨💻
බොහෝ දරුවන්ට ලොකුම ගැටලුව තමා විචාර 3 කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන ලියන්නට නොහැකි වීම.
ඉතින් ඒකට හේතු බැලුවම,
විචාරය නිවැරදිව ලිවීමට නොදන්න කම
අනවශ්‍ය ලෙස විචාරයේ ලකුණු නොලැබෙන් කොටස් වලට දීර්ඝ ලෙස ලිවීම
උපුටනයන් මතක නොමැති වීම
සංවිධානාත්මක නොවීම
ඉතින් අද ඔයාලට මම පහසු ක්‍රමයක් කියන්නම් 3/4 උදාහරණ 4 බැගින් දෙන විචාරය ලියන් හැටි
උදාහරණයක් ලෙස අපි ගමුකෝ උම්මග්ග ජාතාකයේ එන,
අ. මහෝෂධ පඩිතුමාගේ
ආ. කේවට්ට බමුණාගේ චරිත සාර්ථක ලෙස කතුවරයා ඉදිරිපත් කිරීම මෙහි සාර්ථකත්වයට හේතූ වී ඇත
මෙම.කියමන සනාථ කිරීමට අපි එක් එක් කොටසට උදාහරණ 2 බැගින් ලියලා විචාරය සම්පූර්ණ කරන්න ඕනේ
ඉතින් මෙන්න මේ සැකිල්ලට ලිව්වොත් ඔබට විනාසි 20 වගේ ඇතුළත ලියන්න පුළුවන්
1.ආරම්භය
මෙන්න මේකට අපේ ළමයි ලොකු කාලයක් ගන්නවා.
මෙන්න මෙච්චරයි ලියන්න ඕනේ
සතරකන් මන්ත්රණා කුරුණෑගල යුගයේ රචිත පන්සිය පනස් ජාතක පොතේ එන උම්මග්ග ජාතකය ඇසුරින් උපුටා ගෙන ඇත..
රූල් 2වගේ කෙටි ආරම්භයක් දෙන්න.මොකද මේකට විශේෂිත ලකුණක් දෙන්නේ නෑ.
2.ප්‍රශ්ණයට අවතීර්ණ වීම
උදා.
ඒ අනුව මෙම ජාතක කතාව සාර්ථකතයට හේතූ වූ කරුණු අතර මහෝෂධ පඩිතුමාගේ හා කේවට්ට බමුණාගේ චරිත භාවිතය විශේෂ වේ.
3. අ කොටසේ ඇති කරුණට ආරම්භය ලබා දීම හා පළමුවන ලක්ෂණය විස්තර කිරීම
උදා ඒ අනුව මහෝෂධ පඩිතුමාගේ චරිතය ගත් කළ....
4. ඊට අදාළ උදාහරණය ලිවීම
5. අ කොටසට අදාළ දෙවෙනි කාරණයට අදාළ උදාහරණය
6. එය විස්තර කිරීම
7. ආ. කොටසට අදාළ ආරම්භය හා පළමු කරුණ විස්තර කිරීම
8.ඊට අදාළ උදාහරණය
9. ආ කොටසට අදාළ දෙවන කරුණ විස්තර කිරීම
10.ඊට අදාළ උදාහරණය ලිවීම
11. අවසන් කිරීම
උදා. ඒ අනුව ඉහත දැක්වූ උදාහරණ හා විස්තර කිරීම් වලට අනුව මහෝෂධ පඩිතුමාගේ හා කේවට්ට බමුණාගේ චරිත වල ලක්ෂණ සාර්ථක ලෙස කතුවරයා ඉදිරිපත් කිරීම ඇසුරින් මෙම කතාව වඩාත් සාර්ථක වී ඇති බව සනාථ කළ හැක.
මෙන්න මෙහෙම ලියන්න..
මතක තියාගන්න
* උපුටනයන් ලියද්දී රූළක් ඇරලා පෙරළි කොමාව දාලා ,තිත් කිහිපයක් තියලා ලියන්න
"......
* ඔයාලා සම්පූර්ණ උපුටනය දන්නේ නැත්නම් දන්න ටික ලියලා තිත් ටිකක් තියලා උපුටනය අවසන් කරන්න
........."
* උපුටනය ලියද්දී උඩින් හා යටින් රූළක් අත හැරලා ලියන්න
* ගොඩාක් ළමයි පෑන මාරු කරනවා.ඒක කරන්න එපා..නිල් පැනෙන්ම උපුටනයන් ලියන්න.
ඉහත අකාරයෙන් රූල් ඇර පැහැදිලිව් ලිවීම නිසා උපුටනය පැහැදිලී
* අත් අකුරු පැහැදීලිව ලියන්න.
ඉතින් මෙහෙම ලිව්වොත් ඉක්මනට සාර්ථක ලෙස විචාරය ලියන්න පුළුවන්
ඩිලුක්ෂාන් සර්.