රචනාව ලියන්න පෙර මේ කරුණුත් හොදින් ධාරණය කරගන්න..
🔰රචනාවේ ජේද ගණන තීරණය කරන්නේ ඕනේ දීලා තියේන මාර්ගෝපදේශිත ඡේදය අනුව
සාමාන්‍ය ලෙස ඡේද 4 ප්‍රමාණවත්
ඡේදය අනුව රචනාවේ සැකිල්ල සකස් කර ගන්න.
ආරම්භය, මධ්‍යය හා අවසානය..
එවිට කරුණු සංවිධානාත්මකව හා සරුබව ,සමබව රැකෙන අකාරයට ලියන්න පුළුවන්.
🔰පැහැදිලිව මාතෘකාවක් ලියන්න.ඔබට 01 ලකුණක් ලැබෙනවා.
🔰රචනාව ආරම්භය යම් කිසි උපුටාගැනීමකින්, කවියක්,ගීතයක්, යම් දත්ත ,මේ අකාරයේන් ආරම්භ කිරීම හා රචනයේ මධ්‍යය ලිවීමේ දී උපුටනයන්, සංඛ්‍යාත්මක දත්ත, උදාහරණ ආදිය ලිවීමද ඔබට ලකුණු ලැබීමට හොද අවස්ථාවක්
🔰විශේෂයෙන් නිවැරදී ලෙස ඡේද බෙදා ලිවීම, අක්ෂර නිවැරදි භාවිතය, පද බෙදීම ,උක්ත අඛ්‍යාතය භාවිතය,විරාම ලක්ෂණ භාවිතය මේ ශිල්පීය ක්රමයන් වලට ඔබට ලකුණු ලබා ගැනීමට පුළුවන්
🔰එ වගේම ඔබ කරුණු ලිවීමේ දී ක්රමාණූකූලව, සංවිධානාතමකව ලිවීම ලකුණු ලබා ගැනීමට හැකියාව තිබේ.
🔰ඔබ භාවිතා කරන භාෂාව , ඔබේ ප්‍රකාශන ශක්තිය උසස් මට්ටමක තිබීම ඔබට උසස් අකාරයෙන් ලකුණු ලබා ගැනීමට පුළුවන්.
🔰පුතේ අත් අකුරු පැහැදිලිව ලියන්න
🔰රචනා ලියන්න නම් ඔබ 2016-2021 දක්වා ප්‍රශ්ණ පත්‍ර වල ඒ රචනාවන් දිනකට එක බැගින් ලියන්න.
🔰රචනාවට විනාඩි 20-25 අතර කාලයක් තුළ සාර්ථකව පිළිතුරු ලියන්න ඔබේ අදහස් ගලා ඒම, ප්රශස්ත ලෙස ලේඛණ හැකියාව ඔපමට්ටම් කර ගැනීමට පොත පත කියවන්න.සමාජීය,දේශපාලනීක,ආගමීක,සංස්කෘතීමය,ආර්ථීක ,ලෝක ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය,මෑතකාලීන කරුණු ආදී සියල්ලකම ඔබගේ අවබෝධය තිබීම ඔබේ සාර්ථක ලෙස රචනාව ලිවීමට බෙහෙවින් රුකුලක් වෙනවා..
🔰ඒ නිසා නිරන්තර අභ්‍යාස වල නිරත වීම සාර්ථක සාමාර්ථයක් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත
ඔබට ජය !
ඩිලුක්ෂාන් සර්
පාසල් ආචාර්ය
Thank you very much - ඩිලුක්ෂාන් සර්