*🌀 සිංහල*
*▫️💠 සමාස*
*සමාස යනු.❔*
♦️ සමාස කියන්නෙ පද සංක්ෂේපය... ඒ කියන්නෙ පද එකට දැමීම/එකතු කිරීම යන අදහස.
*🔰 සිංහලයේ සමාස වර්ග 5යි*
1. අව්‍ය සමාස (අවිය සමස්)
2. විභක්ති සමාස (විබත් සමාස)
3. විශේෂණ සමාස (වෙසෙසුන් සමාස)
4. අන්‍යාර්ථ සමාස (අන් අරුත් සමාස)
5. 'ද' කාරාර්ථ සමාස (ද අරුත් සමාස)
*01.අව්‍ය සමාසය*
♦️අව්‍ය පද ලෙස සැලකෙන නිපාතයක් හෝ උපසර්ගයක් මුල් වීමෙන් සිදුවන සමාස අව්‍ය සමාස විදියට හඳුන්වනවා.
*අව්‍ය සමාස ප්‍රභේද 4ක් තියෙනවා.*
1. 'යව්' ආදී වර්ගය
2. 'කු' ආදී වර්ගය
3. 'ප' ආදී වර්ගය
4. 'න' ආදී වර්ගය
*'යව්' ආදී වර්ගයේ අව්‍ය සමාස.*
♦️ යව් , යථ , යථා , අනු යන අව්‍යය පද මුල් කරගෙන සිදුවන සමාස.
* ජීවිතය ඇති තෙක් පවතින - යව්දිවි (යාවජීව)
* සැබෑ වශයෙන්ම පවත්නා අර්ථය - යථාර්ථය
* දෙවැනි වූ නායක - අනුනායක
*'කු' ආදී වර්ගයේ අව්‍ය සමාස.*
♦️කු , දු , සු යන උපසර්ග පද මුල් කරගෙන සිදුවන සමාස.
* අයහපත් අරමුණින් කරන මන්ත්‍රණය - කු + මන්ත්‍රණය > කුමන්ත්‍රණය
* අයහපත් ගුණ - දු + ගුණ > දුගුණ
* මනා වූ ගඳ - සු + ගඳ > සුගඳ
*'ප' ආදී වර්ගයේ අව්‍ය සමාස.*
♦️ ප , ප්‍ර , උප යන උපසර්ග පද මුල් කරගෙන සිදුවන සමාස.
* ඉතා උතුම් - පවර
* ඉතා බල ඇති - ප්‍රබල
* සමීපයෙන් ඇති වනය - උපවනය
*'න' ආදී වර්ගයේ අව්‍ය සමාස.*
♦️පසු පදයේ මුල අකුර ස්වරයක් නම් 'න' නිපාතය 'අන්' බවට පත් වෙනවා.
* ආදර නොවන්නේ - අන් + ආදර > අනාදර
* ආචාර නොවන්නේ - අන් + ආචාර > අනාචාර
♦️පසු පදයේ මුල අකුර ව්‍යඤ්ජනයක් නම් 'න' නිපාතය 'අ' බවට පත් වෙනවා.
* සුර නොවන්නේ - අසුර
* කුසල් නොවන්නේ - අකුසල්