*`Buddhism 🅰️`*
*〽️ බෞද්ධ අනන්‍යතාව සුරකමින් සහජීවනයෙන් ක්‍රියා කරමු 〽️*
🔆 ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගොඩනැඟුණේ වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංස්කෘතියෙනි .
🔆 ශ්‍රී ලංකා සංස්කෘතිය යන බෞද්ධ සංස්කෘතියමයි.
*🔰 මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලාංකික සංස්කෘතිය වෙනස් වූ අයුරු*
1. ජීව අජීව සමස්ත පරිසරය කෙරෙහිම බෙහෙවින් හිතකර ආකල්ප ගොඩනැගුණි.
2. ආගමික පුද සිරිත් හා වතාවත් වලට මුල් තැනදී සෑම කටයුත්තක්ම ආරම්භ කෙරිණි.
3. රාජය ආගම බුදු දහම වූ අතර රටේ පාලකයා බෞද්ධයෙකු විය යුතු විය.
4. ජාති කුල ආගම් අනුමත නොකෙරිණි.
5. පැවති සංස්කෘති පුද සිරිත්වලට නව අරුතක් එක් කෙරිණි.
වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව
මළවුන් වන්දනා වෙනුවට පින් අනුමෝදන් කිරීම
ගල් පර්වත වන්දනාව වෙනුවට චෛත්‍ය හා බුදු පිළිම වන්දනාව
*♨️ සතර සංග්‍රහ වස්තු. = සිඟාලෝවාද සූත්‍රය ♨️*
1️⃣ දානය
2️⃣ ප්‍රිය වචනය
3️⃣ අර්ථ චරියාව (අනුන්ගේ දියුණුවට උදව් කිරීම)
4️⃣ සමානාත්මතාවය
*✳️ සතර බ්‍රහ්ම විහරණ✳️*
1️⃣ මෙත්තා
ද්වේශයෙන් තොර මානසික තත්ත්වය
2️⃣ කරුණා
අනුන්ගේ දුකේදී හදවතේ ඇතිවන කම්පනය
3️⃣ මුදිතා
අනුන්ගේ දියුණුව දැක සතුටු වීම
4️⃣ උපේක්ඛා
මධ්‍යස්ථව සිතා කටයුතු කිරීම