Agri
G_10,11
Exam points
*ශාක රෝග (Plant diseases)🪴🍃*
•ශාක රෝගයක් යනු, ශාකයට පීඩාකාරී වන අසාමාන්‍ය කායික ක්රියාදාමයකි.
•බොහෝමයක් ශාක රෝග ඇති වන්නේ රෝග කාරක ජීවීන් නිසාවෙනි.ඇතැම් විට පරිසර සාධක අහිතකර ලෙස බලපෑම/ කායික අසමතුලිතතා නිසාද හට ගනී.
Eg:-
°පෝෂණ ඌනතා
°මූලද්‍රව්‍ය විෂ වීම්
°අහිතකර දේශගුණික සාධක
*රෝග කාරක ජීවීන් (ව්‍යාධිජනකයන්)🐛🍃*
°දිලීර
°බැක්ටීරියා
°වෛරස්
°ෆයිටොප්ලාස්මා
°වටපණුවන්
*දිලීර රෝග (Fungal diseases)🍃*
•පුල්ලි ඇති වීම
•අංගමාරය
•මැලවීම
•ගඩු
•තෙත් හෝ වියළි කුණුවීම
•මලකඩ ඇතිවීම
•පිටිපුස් ඇතිවීම
*බැක්ටීරියා රෝග (Bacterial diseases)🍃*
•පුල්ලි ඇතිවීම
•අංගමාරය
•මැලවීම
•මෘදු කුණුවීම
•ගැටිති ඇති වීම
•කබලු ඇතිවීම
#ආසාදිත කොටසක් කපා ජල බඳුනක ගිල්වූ විට බැක්ටීරියා යුෂය ජලයට වෑස්සෙනු දැක ගත හැකිය.
*වෛරස් රෝග (Viral diseases)🍃*
•පත්‍ර කහපාට වීම
•ශාක කුරු වීම
•පත්‍ර නාරටි බේරීම්
•පත්‍ර,ඵල, පුෂ්ප විකෘති වීම
•පත්‍ර විචිත්‍රය
•පත්‍ර සෙව්වන්දියක් ඇති වීම
*වටපණු රෝග (Nematode diseases)🍃*
•මුල්වල ගැටිති ඇති වීම
•මුල් මත ලප ඇති වීම
•මුල් ශාඛනය වීම සහ කෙටි වීම
•ක්‍රමයෙන් ශාකය දුර්වල වීම
•පත්‍ර කහ පැහැ වීම , කුඩා වීම හා සංඛ්‍යාව අඩු වීම
*ෆයිටොප්ලාස්මා රෝග🍃*
#ෆයිටොප්ලාස්මා යනු ශාක ප්ලෝයම පටක මත යැපෙන අනිවාර්ය පරපෝෂිත ජීවීන් වර්ගයකි.
🍂රෝග ලක්ෂණ:-
•පුෂ්ප වෙනුවට එම ස්ථානවල කොළ පැහැති පත්‍ර සෙව්වන්දියක් ඇති වේ
•පුෂ්ප කොළ පැහැයෙන් හට ගනී
•පත්‍ර කහපාට වේ
•ශාක කුරු වේ
•අසාමාන්‍ය ලෙස එක් ස්ථානයකින් බෙදී ඉදලක ස්වරූපයක්
---------------------------------------