මහනුවර රාජධානිය
මහනුවර රාජධානිය හැඳින්වූ නම්,
- සෙංකඩගල නුවර
- උඩරට රාජධානිය
- කන්දේ නුවර
මහනුවර රාජධානියට ආරක්ෂාව ලැබුණු ආකාරය,
1.සේනාසම්මත වික්‍රමබාහු රජු (ආරම්භක රජු )
2.ජයවීර බණ්ඩාර රජු
3.කරලියද්දේ බණ්ඩාර රජු
4.I වන රාජසිංහ රජු
5.දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර)
පේරාදෙනි රාජ වංශය
6.I වන විමලධර්මසූරිය රජු
7.සෙනරත් රජු
7.දෙවන රාජසිංහ රජු
8.දෙවන විමලධර්මසූරිය රජු
9.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (සිංහලයේ අවසන් රජු)
නායක්කර් වංශය
10.ශ්‍රී විජය රාජසිංහ
11.කීර්ති ශ්‍රී රාජසිංහ
12.රාජාධිරාජසිංහ
13.ශ්‍රී වික්‍රම රාජසිංහ(අවසන් රජු)
පළවන විමලධර්මසූරිය රජු මුහුණ දුන් අභියෝග,
නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නොවීම
පෘතුගීසීන්ගෙන් මහනුවර රාජධානියට එල්ල වන අභියෝග වළක්වා ගැනීම.
සීතාවක රාජධානියෙන් මහනුවර රාජධානියට එල්ල වන තර්ජන අවම කිරීම.
බුදු සසුන දියුණු කිරීම.
ආර්ථිකය දියුණු කිරීම.
නීත්‍යානුකූල රාජය උරුමය ලබා ගැනීමට අනුගමනය කළ පියවර
කුසුමාසන දේවීය විවාහ කර ගැනීම.
දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීම.
බුදු දහම වැළඳ ගැනීම.
සිංහල නමක් ලබා ගැනීම.
උඩරට රාජධානියට පෘතුගීසීන්ගෙන් එල්ල වන තර්ජන අවම කර ගැනීමට අනුගමනය කළ පියවර
1594 දන්තුරේ සටනින් හා 1562 බලන සටනෙන් පෘතුගීසීන් පරාද කිරීම.
පෘතුගීසින් නෙරපා දැමීමට ලන්දේසීන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීම.
ආර්ථිකය දියුණු කිරීමට ගත් පියවර
හෙල්මලු ක්‍රමයට වී වගා කිරීම.
කොත්මලේ හා වලපනේ යකඩ කර්මාන්තය දියුණු කිරීම.
වනාන්තර ප්‍රදේශවල හේන් වගා කිරීම.
උඩරට රාජධානියේ භික්ෂු ශාසනය නගා සිටුවීමට ගත් පියවර
බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කිරීම.
ලංකාතිලක විහාරය , ගඩලාදෙණි විහාරය , රිදී විහාරය ප්‍රතිසංස්කරණය කිරීම.
පලවන විමලධර්මසූරිය රජුගේ ඇවෑමෙන් පසු සෙනරත් රජු මහනුවර රාජධානියේ පාලකයා විය.
සෙනරත් රජුගේ අභාවයෙන් පසු දෙවන රාජසිංහ රජු මහනුවර රාජධානිය පාලකයා විය.
දෙවන රාජසිංහ රජු මුහුණ දුන් අභියෝග
පෘතුගීසි උඩරට ආක්‍රමණ වැළැක්වීම
1630 හා 1638 රන්දෙනි වල හා ගන්නොරුව සටන් වලින් පෘතුගීසීන් පරාද කිරීම.
පෘතුගීසින් මෙරටින් පලවා හැරීම.
1638 ලන්දේසීන් සමග ඇතිකර ගත් ගිවිසුම මගින් පෘතුගීසීන් පලවා හැරීම.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආගමික සේවා
සියම් දේශයෙන් උපසම්පදාව ගෙනඒම.
වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය ලබාදීම.
උඩරට පහතරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම.
මහනුවර රාජධානියේ පරිපාලන ලක්ෂණ
පරිපාලනයේ ප්‍රධානියා රජු වීම
අධිකාරම්වරු දෙදෙනෙකු සිටීම
පළමු අධිකාරම් = පල්ලේ ගම්පහ අධිකාරම්
දෙවන අදිකාරම් = උඩ ගම්පහ අධිකාරම්
- රජ සභාවේ තීන්දු තීරණ පහළ නිලධාරීන් වෙත රැගෙන ගිය නිලධාරින් කටුපුල්ලේවරු ලෙස හැඳින්වීම.
- විවිධ කුලභාරව බද්දේ නම් සංවිධාන තිබුණේ.
කුරුවේ බද්ද : අලි ඇතුන් ඇල්ලීම
බඩ හැල බද්ධ : වළන් සෑදීම
හැඳ බද්ද : රෙදි විවීම
මඩිගේ බද්ධ : ප්‍රවාහන කටයුතු කිරීම
රඳා බද්ධ : රෙදි සේදීම
මහනුවර රාජධානිය සමාජ සංවිධානයේ ලක්ෂණ
ග්‍රාමීය සමාජයක් පැවතීම.
සෑම ගමක්ම ස්වයංපෝෂිත වීම.
කුලය මත සමාජ සම්බන්ධතා පැවැත්වීම.
පවුල ප්‍රධාන සමාජ ඒකකය බවට පත්වීම.
උඩරට රාජධානියේ විවාහ ක්‍රම
දීඝ විවාහය
බින්න විවාහය
බහු පුරුෂ විවාහය