ගුත්තිල වෙන නද
**I කොටස**
මූලික කරුණු :
යුගය : කෝට්ටේ
රචකයා : වෑත්තෑවේ හිමි
පදනම් වූ ජාතක කතාව : ගුත්තිල ජාතකය
පද්‍ය සංඛ්‍යාව : 511
රචනා කිරීමට ආරාධනා කිරීම : සලාවත ජයපාල මැතිතුමා
ගුත්තිලය අයත් කාව්‍ය වර්ගය : ඛණ්ඩ කාව්‍ය
සමකාලීන කතුවරු : තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හැඳින් වූ විශේෂ නාමය : ෂඩ් භාෂා පරමේශ්වර පන්සය පනස් ජාතක පොතේ 237 වන ජාතක කතාවයි.
විචාර සදහා උදාහරණ :
01. සරල බස් වහර පිළිබඳ පැහැදිලි කිරීම
• ගුත්තිල ඇදුරු සඳ
වීණා වයන ලෙස ඉඳ
පසේක පනවන ලද
සුදුසු අස්නක ගොසින් උන් සඳ
• අප බෝ සතුන් මිස
අනෙකෙකු කනා ම අසන කලස
සුර රජ සිට අහස
තතක් සිඳුව යි කී ය එ විගස
• කෙළහි ගුණ සින්දේ
මූසීල අන්ද මන්දේ
ජයේහි ලෝබ බැන්දේ
තමා වීණා තත ද සින්දේ
• අනුවණකම් කෙළේ
ගුරුන් ගුණ සිහි නො කෙළේ
නද ඉන් නො පතළේ
අයස ම ය මුළු දියත පතළේ
02. සංකීර්ණ බස් වහර (වියත් බස් වහර) භාවිතය පිළිබඳ පැහැදිලි කිරීම
• නිති නිරිඳුගෙ රැකවලහි නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජය ගත්තෝ
පැති රෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම දත්තෝ
• කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ
රන් රසු දැල් කොලහල වන බියෙනේ
සන් සල නොව එහි පිළිරූ ලෙසිනේ
නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ
• වර වෙණ නද අසමින් සිත සතොසිනි
සර හැර වෙනත් සියෝතුන් පියපත් විදමිනි
පුර ඹර වසමින් සිටි රඟ කුම් වැනි
සුර සෙනඟට සුරසුන් පැනවූ වැනි