12. කුරහන් ඉසිමුව කළුවර බලාලා
විචාර සඳහා උදාහරණ :
01. ජන කවිවල අව්යාජාත්මක බව පිළිබඳව පැහැදිලි කිරීම.
මා කී දේ දෙයියනි බොරුවක් ම නැති
බිම එළි වුනොත් කණු මදු ළඟ බොහොම ඇති
ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති
ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති
කටු ඇල්ලේ මගෙ හේනේ කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන් වළක්කන්
කර ගන්නට බැරි උන් මහ කුරක්කන්
ඌරනි නොකා පලයව් මගෙ කුරක්කන්
කුරක්කන් තුනයි වැපුරුවෙ අමාරුවේ
කපන්ටත් බැරුව අතපය රුදාවේ
අරින්ටත් බැරුව ලොවග ම සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ සුබාවේ
02. කුරහන් වගාවේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ පැහැදිලි කිරීම.
දුරුතු මහේ දී කැලයට වැදීලා
මසක් පමණ කල් කැලවල් කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි තබාලා
කුරහන් ඉසමුව කළුවර බලාලා
එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම
කොල්ල කන්ට එති සිවු?⁸පාවෝ බොහොම
ගොල්ල සමඟ එති ඌරෝ සැමදාම
නිල්ල අඹති සත් දවසින් බැලුවාම
හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති සක්මන්
වැටටත් උඩීන් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්
03. භාෂාව පිළිබඳව පැහැදිලි කිරීම.
සංක්ෂිප්ත බව
මා කී දේ දෙයියනි බොරුවක් ම නැති
බිම එළි වුනොත් කණු මදු ළඟ බොහොම ඇති
ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති
ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති
එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන්
මඟ යන්නෝ මට සරදම් කරක්කන්
එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්
ධ්වනිතාර්ථවත් බව
මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන්
රන්වන් කරල් බර වී ඇති සුරක්කන්
ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්
සරලත්වය
• පාඩමේ සඳහන් සියලුම කවි යොදා ගත හැකි ය.