ගොඩක්ම වැදගත් සිංහල තනිපද කොටසක්
- වීදුරු වලින්ම කළ = කාචර
- සෑම කාලයටම අයත් වූ = සර්වකාලීන
- අහස පොළොව එකට ගෑවෙන තැන = ක්ෂිතිජය
- ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය = මෝය
- මඩෙහි හට ගන්නා = පංකජ
- ගලින් තනන ලද = ශෛලමය
- සම්ප්‍රදායට සම්බන්ධ = සාම්ප්‍රදායික
- අපූරු වස්තු නිර්මාණය සඳහා පවත්නා හැකියාව = ප්‍රතිභාව/නිර්මාණශීලී
- කවර ලෙසකින් හෝ තීරණයක් දී විසඳීමට නොහැකි = උභතෝකෝටික
- දීර්ඝ කාලයකට අයත් = දිගුකාලීන / චිරාගත
- පුරාවස්තු එක්රැස්කොට තබා ඇති ස්ථානය = කෞතුකාගාරය
- වරදට පෙළඹුණු පුද්ගලයෙකු නැවත නඟා සිටුවීම = පුනරුත්ථාපනය
- බොහෝ ඇසූ පිරූ තැන් ඇති = බහුශ්‍රැත
- තම මතයට අනුව සිතන = අත්තනෝමතික
- තම ජන්ම භූමියට විරුද්ධව ක්‍රියා කරන්නා = දේශද්‍රෝහී