Past Papers Wiki Forum එක හරහා පාඩම් සටහන් (Notes) ඉල්ලා සිටින ආකාරය සහ ඔබ සතු පාඩම් අන් අය සමඟ බෙදා ගන්නා ආකාරය පියවරෙන් පියවර පහත දැක්වේ.
පියවර 1: ගිණුමක් සකසා ගැනීම (Register)
ඔබට අලුතින් යමක් පල කිරීමට (Post කිරීමට) හෝ ඉල්ලීමට පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.
- දකුණු පස ඉහළ ඇති "Sign Up" බොත්තම ඔබන්න.
- ඔබේ විස්තර ලබා දී ගිණුමක් සාදාගන්න (හෝ දැනටමත් ගිණුමක් තිබේ නම් "Log In" වන්න).
පියවර 2: පාඩම් හෝ සටහන් ඉල්ලා සිටීම (How to Request)
ඔබට යම් විෂයක පාඩමක් හෝ සටහනක් අවශ්‍ය නම්, එය ඉල්ලා සිටින්නේ මෙසේය:
- වෙබ් අඩවියේ වම් පස ඇති "Start a Discussion" බොත්තම ක්ලික් කරන්න.
- Title (මාතෘකාව): ඔබට අවශ්‍ය දේ කෙටියෙන් සඳහන් කරන්න.
- උදාහරණ:
10 ශ්‍රේණිය විද්‍යාව - ආලෝකය පාඩමේ කෙටි සටහන් අවශ්‍යයි
- Tags (වර්ගීකරණය): අදාළ ශ්‍රේණිය සහ වර්ගය තෝරන්න.
- උදාහරණ:
Grade 10 සහ Short Notes හෝ Resources ලෙස තෝරන්න.
- Body (විස්තරය): ඔබට අවශ්‍ය පාඩම ගැන වැඩිදුර විස්තරයක් මෙහි ලියන්න.
- අවසානයේ පහළින් ඇති "Post Discussion" බොත්තම ඔබන්න.
පියවර 3: පාඩම් සටහන් බෙදා හැරීම (How to Share)
ඔබ සතු වටිනා කෙටි සටහන් හෝ පාඩම් අන් අය වෙනුවෙන් ලබා දීමට:
- "Start a Discussion" බොත්තම ක්ලික් කරන්න.
- Title (මාතෘකාව): ඔබ ලබා දෙන පාඩම කුමක්ද යන්න පැහැදිලිව ලියන්න.
- උදාහරණ:
11 ශ්‍රේණිය ඉතිහාසය - 1 වන පාඩම (කෙටි සටහන්)
- Tags: අදාළ ශ්‍රේණිය තෝරන්න (උදා:
Grade 11, Short Notes).
- Body:
- ඔබගේ සටහන් වල Photos හෝ PDF තිබේ නම් ඒවායේ Google Drive ලින්ක් (Links) මෙහි copy-paste කරන්න.
- නැතහොත් සටහනේ අඩංගු කරුණු කෙලින්ම Type කළ හැකිය.
- "Post Discussion" ඔබා එය පල කරන්න.
💡 වැදගත්: ඔබ පල කරන දේවලට අදාළ නිවැරදි Tags (ශ්‍රේණිය හා විෂය) තෝරාගැනීම මගින් අනෙක් අයට ඒවා පහසුවෙන් සොයාගත හැක.
